Spread the love


නිමල් රාජපක්ෂ-

නාවලපිටිය හා ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද පස්වරු 2.40 පමණ ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.

මේ හේතුවෙන් බදුල්ල සිට ධාවනය වූ විශේෂ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විටත් ඉඟුරු ඔය දුම්රිය ස්ථානයේ නවතා තිබේ
සිද්ධිය වි සැනේකින් මාර්ග හා කර්මාන්ත අංශයේ දුම්රිය සේවකයන් එම ස්ථානයට ගොස් මේ වන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවති.

ඉතා කඩිනමින්ගස කපා ඉවත්කොට දුම්රිය ගමනාගමන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.