Spread the love

කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු (08) දින අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

තලවකැලේ පොලිස් වසමට අයත් කටුකැලේ වත්තේ පදිංචි සැකකරු නිවස අසල කම්බියෙන් සකස් කරන ලද කුඩුවක් සාදා එම කුඩුව තුලට උගුලක් අටවා (07) දින රාත්‍රියේ හදුන් දිවියා අල්ලා පහර දි ඝාතනය කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

සැකකරු කුකුල් ගොවිපොලක් පවත්වාගෙන යන අයෙකු බවත්, දිනපතා කුකුලන් කිසියම් සතෙකු විසින් ගොදුරු කර ගන්නා නිසා එම සත්වයා අල්ලා ගැනිම සදහා කුඩුවක් සකස් කල බවත්, කුඩුවට හසු වු සත්වයා කලවැද්දෙකු බව සිතා සත්වයාට පහර දි ඝාතනය කල බව සැකකරු තලවකැලේ පොලිසිය වෙත පවසා ඇත.

ඝාතනය කරන ලද හදුන් දිවියා හොදින් වැඩුණු ගැහැණු සතෙකු බවත්, සැකකරු , කුඩුව සහ හදුන් දිවියා නුවරඑලිය වනජිවි නිලධාරින් වෙත භාර දිමට පියවර ගන්නා බව තලවකැලේ පොලිසිය පැවසිය.