Spread the love

හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අත්අඩංගුවෙන් මිදී පලායෑමට ගත් උත්සාහයට උපකාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගත් පොලිස් සැරයන්වරයා මෙම සිද්ධියට උපකාර කළ තවත් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අත්අඩංගුවෙන් මිදී පලා යෑමේ සැලසුමට උදව් උපකාර කළ මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදීය.