Spread the love

:

නිමල් රාජපක්ෂ-

ගණේමුල්ල දුම්රිය ස්ථානය සමඟ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ තිරිංග නොමැතිව බසයක් ධාවනය වී තිබීම හේතුවෙන් දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව ඇත.

අද සවස 06.55 ට පමණ එම බස් රථය තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයේ ඇතිකුලුණුද කඩාගෙන ගොස් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇත්තේ ප්‍රධාන මාර්ගයගේ පහළය කොටසේය .( කොළඹ දෙසට දුම්රිය ගමන් කරන මාර්ගය)

මේ වන විටත් එම බස් රථය දුම්රිය මාර්ගයේම ඇත. හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.

මගීන් විශාල පිරිසක් ගමන් ක රන වෙලාවේ දුම්රිය මාර්ගය දිගේ නොගියේනම් විශාල මිනිස් ජිවිත හානි සිදුවීමට ඉඩ තිබු බවද පැවසෙයි.
සිද්ධිය පිළිබදව ගණේමුල්ල පොලීසිය හා අදාල අංශ මේ වන විට පැමිණ පරික්ෂණ පවත්වයි.