Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05 වන දින පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ වායූසමනය කරන ලද පළමු පංතියේ විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවේශපත් නොමැතිව ගමන් කිරීම හේතුවෙන් සිදු වූ කලහාකාරී සිදුවීම පදනම් කරගනිමින් ඊයේ දින දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ එම දුම්රියේ සේවය කල ප්‍රධාන නියාමක වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා විසින් කටයුතු කොට තිබුණී.

නමුත් මේ සම්බන්ධයෙන් ඊයේ දින මූලීක වාර්ථාවක් කැඳවා කරුණු පරික්ෂා කල දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා විසින්පෙරේදාදින සේවය අත්හිටවූ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ සහ දුම්රිය නියාමක වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි විනය ක්‍රියාමාර්ගයවලට යටත්ව නැවත සේවයේ පිහිටුවා ඇත.