Spread the love

බස්නාහිර පළාත් සභාවටම අයත් මුද්‍රණාලයක් තිබියදීත් පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය බාහිර පාර්ශවයකට ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

සභාව සතු මුද්‍රණාලයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය නොකිරීම ගැටලුවක් බවත් පවසන සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය හමුවී විමසූ බවද පැවසීය.

පළාත් සභාවට අයත් මුද්‍රණාලය මගින් පහ වසර ශිෂ්‍යත්ව විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කොට මුදලට අලෙවි කිරීම පමණක් සිදුකරන බවත් හෙතෙම පවසයි.

කලාප කාර්යාල උපදේශකවරුන් මාර්ගයෙන් පාසල් වලට ගෙනයන මෙම අනුමාන ප්‍රශ්න පත්‍ර දරුවන්ගේ මවුපියන්ට විකිණීමේ ව්‍යාපාරයක් ද සිදු කරන යන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.