Spread the love

නවීන පහසුකම් සහිත විදුලි බස් රථ දෙසීයක් ධාවනයට එකතු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එහි පළමු පියවර ලෙස බස් රථ පනහක් අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ධාවනයට එක් කරන බවද හෙතෙම පැවසීය.

ඉතිරි බස් රථ ද ක්‍රමානුකූලව ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.