Spread the love

කවුරුවත් බාර නොගත් රට තමන් ගින්නට පැන බේරාගත් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශය අසත්‍ය යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මෙවන් ප‍්‍රකාශ මගින් රනිල් හැර වෙනත් විකල්පයක් නැති බවට මතයක් සමාජගත කරන්නට උත්සාහ කරමින් සිටින බවත් ඇය සදහන් කරන්නීය.

ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොවන බවත් ජනතාවට විකල්පය තෝරා ගන්නට ඉඩ ලබා දිය යුතු බව ඇය අවධාරණය කරයි.

විකල්පයක් නැති බව කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බවත් ඇය සදහන් කරයි.