Spread the love

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත.

පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දෙනු ඇත.

ඒ අනුව 011 2117116 යන ස්වයංක්‍රීය දුරකථන අංකය හරහා මෙන්ම https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ වැඩිදුරටත් පැවසුවේ.