Spread the love

වැලිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආරාබි කාන්තා පාසලක ගින්නක් හටගෙන ඇතත් ගින්නෙන් පාසලේ දරුවන් කිසිවකුටත් හානියක් සිදුවි තැතැයිද පවසයි.

ගින්න හටගත් අවස්ථාවේ එම පාසලේ දරුවන් 150කට ආසන්න පිරිසක් සිටි බවද අනාවරණය වෙයි.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න නිවාදැමීමට කටයුතු කර ඇතිමුත් ගින්නෙන් දේපළවලද දැඩි හානි සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබදව පොලීසිය පරීක්ෂණ පවත්වයි.