Spread the love


නිමල් රාජපක්ෂ-

සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය‍

වෛද්‍ය මහීපාල මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පැවති අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙය දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බවයි. අද වෛද්‍ය විද්‍යාව නුතන තාක්ෂණය සමග දියුණුවට පත්ව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව ද පැවැසිය. නව ඖෂධ සහ නව තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හදූන්වාදීම ද ඉන් ප්‍රධාන වන බව පැවසීය.


ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරිිනි. එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබදව විශේෂ දේශණ ද පවත්වන ලදි.

මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.