Spread the love


නිමල් රාජපක්ෂ-

ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත ස්ථානය බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ ආකර්ශයට සරිලන අයුරින් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව මධ්‍ය පලාත් ආණ්ඩුකාර ලලිත්යු ගමගේ මහතා එම ස්ථානයේ නීරික්ෂණ චාරිකාවට එක් වෙමින් පැවසුවේය.

ඓතිහාසික වශයෙන් වැදගත්තමත් උසුලුන මෙම ස්ථානය වැඩිදියුණු කිරිම සදහා පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමෙන්තුව සහ සංචාරක දෙපාර්තමෙන්තුව එක්ව වැඩිපිළවෙලක් සකස් කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදි අදාළ නිලධාරින්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙහිදි ලග්ගල ප්‍රාදේශීය ලේකම් සවර්ණා පෙරරේරා මහත්මිය කියා සිටියේ සති අන්තයේ දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් මෙම ස්ථානය නැරඹිම සහ පුද පුජාවන් සදහා සහභාගි වන බැවින් විධිමත් වු වැඩපිළිවෙක් ප්‍රාදේශිය සභාව සහ අනෙක් වගකිව යුතු ආයතන එක්ව එක්වට නැංවිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපරිම සහයෝගය ලබා දිමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත් සංචාරක දෙපාර්තමෙන්තුව සහ අදාල පළෘත් පාළාත් පාලන ආයතන රක්ව මෙම ස්ථානය සංචාරකයින් සදහා සහ බැතිමතුන් සදහා පරිසරයට හානි නොකර අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය උපදෙස් තමන් ලබා දිමට සුදානම් බවය.
මෙම චාරිකාව සදහා ලග්ගල ප්‍රාදේශිය ලේකම් සවර්ණා පෙරේරා මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.