Spread the love


නිමල් රාජපක්ෂ-

.

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ඉතා සුවිශේෂි වන බැවින් මෙවර උදාවෙන සිංහල අලුත් අවුරුදු සමයේ අප්‍රියෙල් මස 15 වැනිදින පෙරවරු 10.17 ට උදාවන හිස තෙල් ගෑමේ උත්සවය මධ්‍යම පළාත් වැඩසටහන මෙවරත් මහනුවර ශ්‍රි නාථ දේවාල භූමිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා තීරණය කරයි.

එමට සමගාමීව නානු ඖෂධීය වශයෙන් ඉතා ඉහල මට්ටමක පවතියද නානු පැකට් දස දහසක් ජනතාවට බෙදා දීමේ සූදානමක් තිබෙන බවද වැඩි දුරටත් පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අස්ගිරි මහා පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය ඇටිපොල මහින්ද හිමියන්ගේ වැඩමවීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

අප්‍රේල් මස 15 වන දින පෙ.ව 10.17 ට යෙදෙන සුභ මොහොතින් මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකිරීමට නියමිත ව ඇති අතර, මධ්‍යම පළාත් හිසතෙල් ගෑමේ වැඩසටහනේ ප්‍රධාන සංවිධාන කටයුතු මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ඇත.

මෙම මූලික සාකච්ඡාවේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතික චාරිත්‍ර ඉතා සුවිශේෂි වන බවත්, එම චාරිත්‍රයන් වර්තමාන දරු පරපුරට ආදර්ශයෙන් තිළිණ කිරීම වැදගත් බවත් ඒ ඔස්සේ අනගාතය දක්වා මෙම වටිනා චාරිත්‍රයන් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින බවත් ය .
හිසතෙල් ගෑමේ මංගල්‍යයේදී භාවිතයට ගනු ලබන නානු ඖෂධීය වශයෙන් ඉතා ඉහල මට්ටමක පවතින බවත්,හිස කේන්ද්‍රකරගනිමින් එම චාරිත්‍රය ඉටු කළද සමස්ථ ශරීරයටම හිසතෙල් ගැල්වීම ගුණදායක වන බැවින් වාර්ෂිකව සිදුකරනු ලබන මෙම චාරිත්‍රය සදහා සිංහල අලුත් අවුරුදු මංගල්‍යයේදී විශේෂිත බවද මීට අමතරව හිස තෙල් ගෑමේ මධ්‍යම පළාත් වැඩසටහනට සමගාමීව නානු පැකට් දස දහසක් ජනතාවට බෙදා දීමේ සූදානමක් තිබෙන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරී, පළාත් ආයුර්වේද කොමසාරිස් ජේ.බී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.