Spread the love

කින්නියා නඩඋත්තු මහාමාරු අතුරු මාර්ගයේ සුසාන භූමිය හංදිය අසල දී නඩඋත්තු දෙස සිට මහාමාරු දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක අමුනන ලද ටේලර් රථයක ගමන් කල කුඩා දරුවෙකු ටේලර් රථයෙන් බිමට ඇද වැටි බරපතළ තුවාල ලබා කින්නියා රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බව කින්නියා පොලිසිය පවසයි .

මියගිය දරුවා වයස අවුරුදු 3 (1/2 )ක් වු කින්නියා සුරංගල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන ඇති අතර ට්‍රැක්ටර් රථය පදවා ඇත්තේ මියගිය දරුවාගෙ පියා වන අතර අනතුර සිදු වන අවස්ථාවේ දරුවා සමග තවත් පුද්ගලයෙකු පිටුපස ටේලරයේ ගමන් කර තිබේ.

කින්නියා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .