Spread the love

නිමල් රාජපක්ෂ-

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව ආනයනික රටේදි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙ⁣ළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.