Spread the love

.…

රජයේ නිසි ආර්ථීක කළමනාකරණ වැඩපිලිවෙල මෙන්ම විදේශ ආයෝජන ඉහළ යාම රුපියල් ශක්තිමත් වීමට හේතුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටක දේශීය මුදල් සහ විදේශ මුදල්අතර හුවමාරු අනුපාතය යනු රටක ආර්තිකයක ශක්තිමත් භාවය පිලිබඳව අදහසක් ලබාගත හැකි ප්‍රධාන දර්ශකයක් බවයි. 1950 වන විට ඩොලරයක් සඳහා රුපියල් 4.77 ගෙවීමට සිදුවූ සදහන් කළ අමාත්‍යවරයා 1977 පමණ වන විට එම අගය රුපියල් 15 ක් පමණ වූ බව සඳහන් කළේය.