Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද සඳහන් කළේය.

දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවය.