Spread the love

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී අද (28) අලුයම ක්ෂණික වැටලීම පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.

මෙසේ මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම ක්ෂණික වැටලීමක් සිදුකර ඇත.

අදාල සැකකරු ගිනිඅවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා තිබේ.

පසුව සැකකරුව සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

මෙහිදි මියගිය සැකකරු සුරියවැව ආඩිගම ප්‍රදේශයේ වාඩියක සැගව සිටි බවට තොරතුරකට අනුව ක්ෂණික වැටලිමක් සිදු කොට තිබේ.

මෙම සැකකරු පසුගිය අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.