Spread the love

2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20 න් පහළ කාන්තා ශූරතාව කුරුණෑගල මලියදේව කාන්තා විද්‍යාලය දිනා ගනී .

ශ්‍රී ලංකා පාපන්දු සම්මලෙනය, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20 න් පහළ කාන්තා තරඟ අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීරණයේදී අති උත්කර්ෂවත්ව දින 04 ක් පැවත්විණි.

එහි අවසන් මහා තරඟය ඊයේ (26) පස්වරුවේ නිමාවට පත් විය.

අවසන් මහා තරඟය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා යාපනය තෙලිප්පලායි මහජන විද්‍යාලය අතර පැවති අතර, ගෝල 1-0 ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය 2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20 න් පහළ කාන්තා ශූරතාව හිමිකර ගත්තේය

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සම්මේලනයේ සභාපති තිලංග දක්ෂිත සුමතිපාල මහතා සහ රෙනෝන් ඇකඩමියේ සභාපති ශ්‍රී ධරන් පීරිස් මහතා ඇතුළු පිරිසක් ජය සංකේත ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වූහ