Spread the love

මියන්මාර් මියවඩ් ප්‍රදේශයේ සිරගත කර සිටින ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කර බව විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් මහතා පැවසීය.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව එහිදි අවධාරණය කර බව පැවසීය.

ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගෙන දිවයිනට ගෙන්වා ගැනීමට සහය දෙන බව පොරොන්දු වෙමින් අදාළ පවුල්වලින් මුදල් ලබා ගැනීමේ කටයුතුවල ඇතැම් පුද්ගලයින් නිරතවන බවට තොරතුරු වාර්තාවී ඇතිබව එම අමාත්‍යංශය සඳහන් කරයි.
එවැනි පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් විය යුතුය.

මේ අතර අදාල ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන ලෙස විදේශ අමාත්‍ය අලි සබ්‍ර් මහතා මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇතිබව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.