Spread the love

මුල්කිරිගල ගුණරත්න

 තංගල්ල ,මාවැල්ල ධීවර වරායේ  දිය නාමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු රළ පහරට හසුව ගසා ගෙන ගොස් මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .   

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත ,පලපොත ,තිප්පිලිහේන, අංක 315/ 4 ලිපිනයේ පදිංචිව සිටි කාව්‍ය ආකර්ෂ විජේසිංහ නමැති අවිවාහක තරුණයාය . සිද්ධිය වී ඇත්තේ ඊයේ (23) සවස 5 පමණය
පසුව ප්‍රදේශවාසී ධීවරයින් සහ තංගල්ල නාවික හමුදාවේ කිමිදුම් අංශය අතුරුදහන් තරුණයා සොයා ඇති අතර රාත්‍රි 12 ට පමණ මළසිරුර සොයාගෙන තිබේ .
ජීවිතක්ෂයට පත් තරුණයාගේ මරණ පරීක්ෂණය (24) තංගල්ල හදිසි මරණ පරීක්ෂණය ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා තංගල්ල මූලික රෝහලේදී පවත්වුහ.
සිද්ධිය පිළිබද තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (15592) දසනායක වැඩිදුර පරීක්ෂණ පැවැත්වුහ.