Spread the love

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි..

මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද මේ වනවිට ක්‍රියාත්මකවෙයි.

ඒ අනුව එම වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය මත එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.