Spread the love

වසර 2010 න් පසු රටට ආදායම් උත්පාදන මාර්ග බිඳ වැටුණු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

වංචා, දූෂණ, අක්‍රමිකතා ද වර්ධනය විය. වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රිත වංචනික ක්‍රියා වර්ධනය විය. ආලා පාළු ආර්ථිකය නම් පොතක් රචනා කරමින් රජයේ වංචනික ක්‍රියා හෙළිකිරීමට තමා පියවර ගත් බව රණවක මහතා පෙන්වා දෙයි.

එවැනි එරෙහිවීම් මත වසර 2012 දී අමාත්‍යධුරය ද අහිමි වූ බව රණවක මහතා පවසයි. ඒ වනවිට විදුලි බල අමාත්‍යවරයා ලෙස විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්වයකට පත්කර තිබිණ. එහෙත් වංචා, දූෂණ, අක්‍රමිකතා මර්දනයට එවකට රාජපක්ෂ රජය ක්‍රියාත්මක නොවීය.

වර්තමාන ආර්ථික අර්බුදයට එම වටපිටාව ප්‍රධාන සාධකයකි. කෙසේවුවද ජනතාව වත්මන් අර්බුදයෙන් මුදා ගැනීමට එක්සත් ජනරජ පෙරමුණට සැලසුමක් තිබේ. ප්‍රධාන කරුණු සහිතව මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම සඳහා එය ප්‍රකාශයට පත්කෙරිණ. රටෙහි ගැටලු විසඳීමට අවශ්‍ය මූලික සාධක, වසර තුනක් ඇතුළත සම්පූර්ණ කර ගැනීම අපේක්ෂාවයි. ඒ සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමට ද එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බව පාඨලී චම්පික රණවක මහතා කියයි.