Spread the love

නිමල් රාජපක්ෂ-

ඩුබායි සිට මෙරටට ගෙන්වු රුලියල් තිස් ලක්ෂයක් වටිනා ඉලෙක්ට්‍රික් සිගරැට් තොගය ක් සමගින් එක් සැකකරුවකු පෑලියගොඩ ප්‍රදේශයේදි ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අන්තර් ජාලය හරහා මෙම සිගරැට් අලෙවි කිරිමට දමා තිබු දැන්විමකට කථාකොට එම ඉලෙක්ට්‍රිස් සිගරැට් මිලදී ගැනීමට උපාය ධුතයකු යොදා එම සිගරැට් මිලදී ගන්නා අවස්ථාවේ එක් සැකකරුවකු සමගින් ඉලෙක්ට්‍රික් සිගරැට් තොගයක් කොටුකර ගැනීමට සමත්වු බව ජාඇල සුරාබදු අධිකාරී ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පැවසුවේය.


රජයට විශාල බදු ආදායමක් අහිමි කරමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇතැයිද වාර්තාවෙයි.
අධික මිල ගනන් යටතේ අලෙවි වන මෙම ඉලේක්ට්‍රික් සිගරැට් පාසල් දරුවන් හා කාන්තාවන් පානය කිරිමට යොමු වී ඇතැයිද වාර්තාවෙයි. තම දරුවන් අත්ඹරලෝසුවක් බැද සිටින විටද දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය .මෙහිදී වෙලාව දුවන අත්ඹර්ලෝසුවකත් මෙම සිගරැට් පානයක් තිබු අතර මෙය උරන්විට සුවදක් හමනු ඇත. මෙය පානය කරන්නන් මත් නොවුවත් මෙය පානයකිරීමෙන් පසු ඇබ්බැහිවිමක් සිදුවන බවද ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීිමට නියමිතය.


ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රෝෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරී ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගෙ අධීක්ෂනය යටතේ පරීක්ෂක සුදර්ශන් . සැරයන් නජිත්සිං , කෝප්‍රල්වරුන් වන මංජුල , හේමන්ත, සාලිත , රියදුර රුවන්පුර යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.