Spread the love

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක්වී ඇති බවට සමාජ ජාලවල සටහන් පළවෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්ය.

කෙසේ වෙතත් මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ මෙය විරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාරයක් බවයි.

තමන් රිය අනතුරකට ලක් නොවූ බවත් තමන් හොඳින් සිටින බවත් ඔහු කියා සිටියි.