Spread the love

එළැඹෙන ඔක්තෝබර් 14 වැනිදාට පෙර මෙරට මීළග ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.

එම ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත්වන බවද හෙතෙම පැවසීය.

මෙරට මීළඟ ජනාධිපති අනුර දිසානායක මහතා යැයි මුළු ලෝකයම අද පිළි අරගෙන අවසන් බවද ඔහු සඳහන් කළේය.

දැනට සිදුකර ඇති සියළුම සමීක්ෂණ වාර්තා වලින්ද ජාතික ජන බලවේගය හිනිපෙත්තේ ඇති බවට තහවුරු වී ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය කුරුණෑගල කාන්තා සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.