Spread the love

අස්වැසුම දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම අයදුම්පත් බාරගැනීමේ කාලය මාසයක් අපේක්ෂා කරන බවද ඇමතිවරයා පැවසුවේය.

අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකියි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විශේෂ ඒකකවලටත් ලබාදිය හැකියි.