Spread the love

මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් සිදු කල පරික්ෂාවකදි රෙදි බවට අගවා තිබුනද එහි තිබී රුපියල් මිලියන 150ක වටිනා උදු තොගයක් රේගු නිලධාරීන් සොයා ගෙන තිබේ.
රෙදි බවට සඳහන් කරමින් ගෙන්වා තිබූ එම අඩි 40 බහාලුම් තුළ නිමි ඇඳුම් 44,000ස බැගින් තිබී ඇත.

රේගු නිලධාරීන් සඳහන් කළේ මෙමගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60ක් බවය.

වත්තල, කොළඹ සහ පානදුර ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන 03ක් විසින් මෙම බහාලුම් මෙරටට ආනයනය කර තිබේ.

එසේම තවත් බහාලුම් 02ක සහල් බවට සඳහන් කරමින් රේගු නිලධාරින් නොමග යවමින් උඳු ගෙන්වීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද උඳු කිලෝග්‍රෑම් 12,688ක ප්‍රමාණයක් සොයා ගැනීමට ද රේගු නිලධාරීන් සමත්විය.

මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 8.8ක් බව පැවසෙයි.

ඉන් රජයට අහිමිවීමට ගිය බද්ධ රුපියල් මිලියන 3.8කි.

මෙම බහාලුම් නිරීක්ෂණය කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද පැමිණ තිබුණි.

මෙම සියලු භාණ්ඩ තොග රාජසන්තක කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුනි