Spread the love

මුල්කිරිගල – ගුණරත්න

යාල – ආමදූව මාර්ගයේ ගමන් ගත් සෆාරි ජීප් රථයකින් ඉවතට ඇද වැටුණු 52 හැවිරිදි හෝටල් කළමනාකරුවෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය පවසයි .

ඉකුත් (9) දා අලුයම 2 ට පමණ මෙම අනතුර සිදුව තිබේ .. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාල පලටුපාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක කළමනාකරු ලෙස සේවය කල රාගම ,තේවත්ත, ධර්මපාල මාවතේ පදිංචි බෙන්ඩීන් රෙන්ජන් නමැති විවාහකයෙකි .

ඔහු සිය සංචාරක හෝටලයේ සේවය කරන සේවකයන් පිරිසක් සමග රාත්‍රි කාලයේ යාල වෙරළ තීරය නැරැඹීමට ගොස් නැවත පැමිණෙන විට මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි . ඔහු ජීප් රථයෙන් ඇද වැටෙන විට එහි වම්පස ඉදිරි අසුනේ ගමන් කර තිබේ. . තුවාල ලබා සිටි හෝටල් කළමනාකරු අනෙක් පිරිස එක්වී වහා කිරින්ද රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

සෆාරි ජීප් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.

. කිරින්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකප්‍රිය මහතාගේ උපදෙස් පරිදි එහි රථවාහන අංශය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.