Spread the love

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිළධාරීන් පිරිසක්  10 වන දින බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටු වල හදිසි සෝදීසි කිරිමකදි ජංගම දුරකථන ඇතුළු උපකරන තොගයක් සොයාගෙන ඇතැයි වාර්තාවෙයි.

එහි දී එම වාට්ටු තුළඇතුලත පොලව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, කුඩා ප්‍රමානයේ ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙළ  බන්ධනාගාර නියාමක වරයාට බාර දුන් බව විශේෂ කාර්ය බලකාය කියයි. මෙහි අයිතිකරුවන් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග  හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර ලපාලිස් අධිකාරී වරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.බඩ්.වී. නිමල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.