Spread the love

අද පස්වරු 05.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 15ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගලු ලබයි.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 දක්වා ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.