Spread the love

ඉන්දියාවේ සංචාරක නිරත වන ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන ආයතනය වන අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.

එහිචී එහි ප්‍රධාන නිලධාරීන් හමුවී එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

අමුල් ආයතන විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන පිළිබඳව ද ඔවුන් සිහිපත් කර ඇති අතර ඒ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ මතුවී ඇති ගැටලු හා අනාගතයේදී ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.

අමුල් සමාගම විසින් තම ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ අමුල් සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාර පිළිබඳ ධනාත්මක සාකච්ඡාවක් එහිදී පැවැති බවයි.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමටත් එය උපකාරී වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

එහිදී තම නිෂ්පාදනාගාරයෙන් මෙහෙයුම් සහ වැඩ කටයුතු සම්බන්ධයෙන් නියෝජිත පිරිස අගය කිරීමකට ලක් කළ බවත් පවසන සමාගම නුදුරු අනාගතයේදීම කිරි නිෂ්පාදන මෙහෙයුම් සඳහා ස්ථිර සහයෝගිතාවයක් අපේක්ෂා කරන බවද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා අමුල් ආයතන මැදිහත් වෙමින් ඇති අතර මිල්කෝ ආයතනයේ අවස්ථා කිහිපයකදීම ඊට විරුද්ධ සේවක විරෝධතා දියත් විය.

රජයේ කිරි ගොවිපොළවල් සහ කිරි නිෂ්පාදන ආයතන රැසක් සඳහා අමුල් ආයතනය හවුල්කාරයකට එළඹීමටද නියමිතව තිබේ.