Spread the love

ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස ලබාදුන් පුද්ගලයා හදුනාගෙන ඇත.

එම පුද්ගලයා පොලීසියට පැමිණීමට පෙර ආදුරුප්පුවීදියේ වෙළෙඳසැලකට යන අයුරු එහි CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවය.

එමෙන්ම ඔහු විසින් වස ලබාදුන් සැකකරුවන් දෙදෙනා මෙන්ම ඔහුද පූකුඩු කන්නා නම් අපරාධකරුගේ සමීපතමයන් බවද පොලීසිය පවසයි.

වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගතකළ පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව වාර්තාවෙයි.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති, උප සේවක නිලධාරීවරයා සහ ගේට්ටු ආරක්ෂක නිලධාරියාගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.