Spread the love

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කිරීමට සූදානමින් සිටි වැඩ වර්ජනය සතියකින් කල්දැමීමට තීරණය කර තිබේ.

ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අදාළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීම මත මෙම තීරණය ගෙන තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සංගම් මෙම වැඩ වර්ජනය සැලසුම් කර ඇත්තේ වෛද්‍යවරුන්ට ලබා දෙන රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමිනි.