Spread the love

මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වෙනත් ඕනෑම අපේක්ෂකයෙකු සිය වැඩ පිළිවෙළ ජනතාව ඉදිරියට ගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.