Spread the love

මුල් කිරිගල මැතිවරණ කොට්ඨාසයට අයත් කටුවන කරමැටිය හරහා අඹගහේන වරාපිටිය ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්වීමෙන් රථ වාහන ධාවයට බාධා ඇතිවී තිබේ.
මෙම මාර්ගය භාවිතා කරමින් ප්‍රදේශයේ ජනතාව හා පාසල් දරුවන්හට සිය යතුරු පැදි , පා පැදි හා මොටර් රථ වලින් ගමන් කිීරිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

ජීවනෝපාය වශයෙන් කුරුදු වගා කලද ඹවුනේ වගාවන් අලෙවි කර ගැනිමට සදහා රැගෙන යාමට වාහනයකින් ගමන් කිරිමටද හැකියාවක් නොමැත වී ඇත.චන්ද කාලයට බොහෝ දෙනෙකු ජනතාව අතරට පැමිණි ගෙවල් ගානේ යමින් චන්දය ඉල්ලන්න පැමිණියත් එවිට ජනතාවට නොයෙක් බොරු පොරොන්දු දි චන්දය ලබාගනී .නමුත් එවකට පැමිණ ගම ,මංමාවත් සංවර්ධනය කර දෙන බවට නොයෙක් පෙරොන්දු ලබා දෙයි. නමුත් කරමැටිය හරහා අඹගහේන වරාපිටිය ප්‍රධාන මාර්ගය මාර්ගය ඉතා අබලන් වී ඇතත් බලධාරීන් කිසිවකුගේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණක් , ජනාධිපති තුමණි , දකුණු පලාත් ආණ්ඩුකාර තුමණි, ඹබතුමන්ලා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකර මාර්ගය පිළිසකර කර දෙන්නැයි ප්‍රදේශවාසින් ඉල්ලා සිටී