Spread the love

රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන ඇත.

යතුරු පැදිකරුවෙකුගේ වරද සඳහා නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ලෙස පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ යතුරුපැදිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් පසුව එම මුදල අඩුකර රුපියල් 10,000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැරයන්වරු දෙදෙනා අත් අඩංගුවට ගත් බව කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේය.