Spread the love

නිමල් රාජපක්ෂ

වසර තුනකට පසු මෙවර උතුර විශාල මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙන්කර ඇතැයි ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
උතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීම සදහා 2024 අයවැයෙන් එම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇතැයිද වැඩි දුරටත් පැවසුවේය.
ඇමතිවරයා මෙසේ පැවසුවේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවු අවස්ථාවේදීය.
එසේ වෙන්කල මුදලින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගන්නා බවත් සියලු රාජ්‍ය නිලධාරින් කැපවීමේන් වැඩ කර අත්‍යවශ්‍ය ව්‍යාපෘති කඩිනම්න් ආරම්භ කිරීමට පියවර ගතයුතු බවත් පැවසුවේය.