Spread the love

අද දිනයේ සෞඛ්‍ය වෘත්තිය සමිතිය 72ක් පවත්වන ලද වර්ජන ක්‍රියාමාර්ගය හෙට දිනයේද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබා දීමට රජය තීරණ කර ඇති රුපියල් තිස් පන්දහසක දීමනාව තමනටද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ඔවුන් ක්‍රියාත්මක කරයි.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග මීට පෙර පැවැති වැඩ වර්ජනය අවසන් කළද එම සාකච්ඡාව මෙතෙක් ලබා නොදීම නිසා දැනට ක‍්‍රියාත්මක පැය 72 වර්ජන ක්‍රියාමාර්ගය ඔවුන් ආරම්භ කර ඇත.

අද පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රට පුරා රෝහල් බොහොමයක කටයුතු අඩාල වී තිබූ අතර රෝහල් කාර්ය පවත්වාගෙන යාමට හමුදාව කැඳවා තිබින.