Spread the love

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපති ඡන්ද විමසීමේදී සියලු දෙනා පලා යද්දී තමන් ඊට තරඟ කළ බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

එම ඡන්ද විමසීමේදී තමන් බොහෝ පක්ෂවල සහයෙන් ඡන්ද අසූ හතරක් ලබාගත් බවද හෙතෙම සිහිපත් කරයි.

ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට ද තමන්ට පැමිණිය හැකි බවත් ඒ සඳහා සියලු සුදුසුකම් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් මේ මොහොතේ කළ යුත්තේ තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම්කර ආණ්ඩුවට තවත් හුස්ම ගැනීමට ඉඩ දීම නොවන බවද හෙතෙම කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.