Spread the love

09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය පෙබරවාරි 07 වැනිදා උදෑසන 10.30 ට ජනපතිගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

මෙහිදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය පෙබරවාරි 08 වනදා සහ 09 වනදා උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කර ඇත.