Spread the love

කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ.කුමාර මහතා පැවසීය.

රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ එම තත්වය උදා වී ඇතිබව පැවසීය.

වසරේ ගත වූ දින 29 තුළ කොළඹ වරායට නෞකා 330කට අධික සංඛ්‍යාවක් සේන්දු වී තිබේ.

ඒ අනුව කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ‍ගොස් ඇතිබව පැවසීය.

වරාය අධිකාරියට අයත් පර්යන්තවල පමණක් පසුගිය දින 29 තුළ සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාව පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළගොස් ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.