Spread the love

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin සහභාගීවීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ආරාධනයෙන් ඔහු පෙබරවාරි 03 වනදා දිවයිනට පැමිණෙන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ.

මෙම සංචාරය අතරතුරදී තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතයි