Spread the love

නුවරඑළිය සංචාරය සඳහා පැමිණෙන අධික ආලෝක රටා සහ ශබ්ද විහිදන බස් රථ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත් වන බව නුවරඑලිය සංචාරය සදහා පැමිණෙන අනෙකුත් වාහන රියදුරුන් සහ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය නගරයට සංචාරය සඳහා පැමිණෙන බස් රථවලින් විශාල ප්‍රමාණයක් මෝටර් රථ නියාමන නීති මාලාවට පටහැනිව බස් රථය පුරාවට අධික එළියක් විහිදෙන ආලෝක රටාවන් සහ විශාල ශබ්ද සහිත නලා සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර ගනිමින් නුවරඑළිය නගරය පුරාවට සංදර්ශන පැවැත්වීමෙන් අවට ප්‍රදේශයන් වල ජීවත්වන රෝගීන් මහජනතාව සහ වාහන රියදුරන් දැඩි ලෙස අපහසුතාවයට පත්වි ඇත.

නුවරඑළිය රථ වාහන පොලිසිය නුවරඑළියට පැමිණෙන වාහන පිළිබඳ සොයාබලා නීතියට පටහැනිව අලංකාර කර ඇති කටයුතු කර ඇති වාහනවල හිමිකරුවන්ට හා රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අවශ්‍ය බවත් මහජනතාව ඉල්ලා සිටියි.

මහජනතාව නගන චෝදනාව පිළිබඳව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ මින් ඉදිරියට නුවරඑළියට පැමිණෙන එවන් බස් රථ පිළිබඳව සොයා බලා මෝටර් රථ ආඥා පනතට පටහැනිව අලංකාර කටයුතු හා නලා ඇතුළු ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර ඇත්තේ නම් එම බස් රථ හිමිකරුවන්ට හා රියදුරන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.