Spread the love

76 වැනි නිදහස් සමරුවේ පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවට එක්ව සිටියදී පැරෂුට් භටයන් සිව්දෙනෙකු අනතුරට ලක්ව ඇති හේතුව අනපේක්ෂිත සුළං ප්‍රවාහයක් බව
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා පවසයි.

මෙම අනපේක්ෂිත අනතුරට මුහුණදුන් ගුවන් හමුදා භටයන් වන්නේ සැරයන් MDSS වීරියගල්ල සහ සැරයන් RHPK හේමසිංහ දෙදෙනාය.

එහිදි සැරයන් MDSS වීරියගල්ල නිලධාරීයා පැරෂුට් පැනීම් 531ක් ද සැරයන් RHPK හේමසිංහ නිලධාරියා පැරෂුට් පැනිම් 370ක් සිදුකර ඇති බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

මේජර් ධම්මික රත්නපාල සහ මාණ්ඩලික සැරයන් එල්.ආර්.එන්. බණ්ඩාර යන භටයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා සාමාජිකයින්ය.

එහිදි මේජර් ධම්මික රත්නපාල නිලධාරීයා පැරෂුට් පැනීම් 126ක්ද ක සැරයන් එල්.ආර්.එන්. බණ්ඩාර නිලධාරීයා පැරෂුට් පැනිම් 298ක් සිදුකර ඇති බවයි යුද හමුදාව ප්‍රකාශ කරයි.

ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පැරෂුට් උඩු ගුවනේදී එකිනෙක පැටලී ඔවුන් දෙදෙනා ඇදවැටෙන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ වහල මහත පිහිටි වායුසමීකරණ පද්ධතිය මතටය.

අනතුරට පත් යුද හමුදා සමාජිකයන් අතරින් එක් අයෙකුගේ පැරෂුටය තවත් පැරෂුටයක පැටලී ඇති අතර පොළොවට අඩි 300ක් ඉහළදී ඔහු එම පැටලුම සකස් කරගන්නට සමත්ව ඇතැයි වාර්තාවෙයි.

නමුත් අවාසනාවන්ත ලෙස ඔහු ගාලුමුවදොර පිටියට ඇදවැටී තිබුණි.

මේ අතර රෝහල්ගත කෙරුණු පැරෂුට් භටයින්ගේ තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ මෙවැන්නක්.

“පැරෂුට් අනතුරට ලක්වු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් හදිසි අනතුරු අංශයට ඇතුළත් කළා ඔවුන්ට බරපතළ තුවාල කිසිවක් නැහැ පාදවලට සුළු තුවාල සිදුව තිබෙනවා හෙට උදෑසන වනවිට නිවෙස් බලා යා හැකියි මොවුන් දෙදෙනා පහළ එද්දී පැරෂුට් පැටලිලා ගොඩනැගිල්ල මතට ඇදවැටිලා ඒ වැටීම අඩි 10ක ප්‍රමාණයක් – ලොකු උසක් නැහැ මොවුන් රෝහල්ගත කිරීමේදී පූර්ව රෝහල් ප්‍රතිකාර නිවැරදිව සිදුකර තිබෙනවා හිස සෙලවිය නොහැකි ලෙස විශේෂ ආධාරක තබා පූර්ව ප්‍රතිකාර නිසි ලෙස ලබාදීම ඉතා වැදගත්