Spread the love

මාළු විදේශ වලින් ආනනයනය කිරීම, සහ ධීවර ආම්පන්නවල මිළ ගණන් ඉහළ යාම යන ගැටළුවලට ජනාධිපතිතුමන් හැකි කඩිනමින් විසදුම් ලබා දෙන බවට තමන්ට පොරොන්දු වී ඇති බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

වැල්ලමංකර පැවති ධීවර ජනතාවට ප්‍රථම ධාර සහ වෛද්‍ය පරීක්ෂණ පවත්වා වෛද්‍ය සහතික නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේය.
මෙම වසර තුළ ධීවර ජනතාවට කෙරෙන විශාලතම සේවය මෙය වන බව ප්‍රකශ කල අමාත්‍යවරයා පසුගිය කාලයේ මහ මුහුදේ ධීවර කර්මාන්තයේ නිරත වු ධීවරයන් මුහුණ දුන් ප්‍රධානතම ගැටළුවක් වුයේ ධීවරයන් හදිසියේ රෝගාතුර වු පසු ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද යන්නයි. එමෙන්ම පසුගිය කාලයේ එලෙස ධීවර යාත්‍රා තුළ රෝගී වු ධීවරයන් අතුරින් බොහෝ පිරිසක් මහ මුහුදේම ධීවර යාත්‍රා තුළ මිය යාම සිදු වු අතර ඇතැම් රෝගාතුර වු ධීවරයන් සදහා
ප්‍රතිකාර ලබා දීමට රැකියාව සිදුකල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි විදේශ රටවල සහාය ලබා ගැනීමටද සිදු වු බව ප්‍රකාශ කලේය. නමුත් එම ධීවරයින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වු බවත් ඒ සදහා අති විශාල මුදලක් වැය කිරීමටද සිදු වු බවත් ප්‍රකාශ කරන ලදි.
මෙම කරුණු වලට එකම පිළියම ලෙස මෙම සුභසාධන වැඩපිළිවෙල ආරම්භ කල බව ප්‍රකාශ කල අමාත්‍යවරයා මින් ඉදිරියට ඉතා සාර්ථකව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යාම සදහා ධීවර ප්‍රජාව නියෝජනය කරන ප්‍රදේශ 24ක රෝහල්වල සහාය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද වැඩි දුරටත් පැවසුවේය.