Spread the love

අභාවප‍්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත මහජන ගෞරව සදහා ගෙන ගියේය.

ඒ අවස්ථාවේදී ඔහුගේ දේහය පසුපසින් බොහෝ දුරක් අධිබල යතුරුපැදි ඇතුළු යතුරුපැදි රාශියක් ධාවනය වනු දක්නට ලැබින.

කලකට පෙර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයකදී සනත් නිශාන්ත මහතාද අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය එකල සමාජ ජාලාවල වැඩි වශයෙන් හුවමාරු විය.

සනත් නිශාන්ත මහතා යතුරු පැති භාවිතා කිරීමටද ප්‍රියතාවයක් දක්වන අතර ඔහු සිය ගම් ප්‍රදේශයේදී හිතවතුන් මිතුරන් සමඟ යතුරු පැදිවලින් ගමන් බිමන් යන්නෙකි.