Spread the love

කඩවත සහ කෙරවලපිටිය අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇතිබව අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි 

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ විදෙස් ජාතිකයෙකි.
තුවාල ලැබූවන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.