Spread the love


ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුවට පසුගියදා තමා විශේෂයෙන් සහභාගී වූයේ ලංකාව තවදුරටත් බංකොලොත් භාවයේ නොමැති බව ලොවට කියන්නට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි

ඉතා කෙටි කාලයකින් ලංකාව එසේ දියුණු වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පුදුමයට පත් වූ බවයි ජනාධිපතිවරයා සඳහන් ක​ළේ.

මේ වන විට ඉතිරිව ඇත්තේ කාරණා දෙකක් බවත්, ඉන් එකක් ණය ගෙවීම බවද, එයින් පසු රටේ ආර්ථිකය ස්ථාවර භාවයක් ඇති වනු ඇති බවද, අනෙක රටේ ආදායම ඉහළ දැමීම බවද, කණගාටුවෙන් හෝ VAT බදු වැඩි කිරීමට සිදු වූයේ එබැවින් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.