Spread the love

රුසියානු ජනාධිපති පුටින් විසින් තමන්ට මැණික් ගල් ඔබ්බවූ රන් කඩුවක් තෑගි දුන් බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් ජනාධිපතිවරයා ලෙස රුසියාවේ සිදුකළ නිල සංචාරයක් අවස්ථාවක මෙම ත්‍යාගය ලබා දුන් බවද ඔහු පැවසීය.

එම කඩුව සුදු අධිරාජ්‍යවාදීන්ගේ රට බේරාගැනීමට සටන් කරන ලද මෙරට නිලමේවරයෙකුගේ එකක් එංගලන්තයේ වෙන්දේසියක තිබී අරගෙන ඇති බවත්
අද වන විට එය කොළඹ කෞතුකාගාරයට ලබා දී ඇති බවද ඔහු සදහන් කලේය.

තම වැඩිමහල් දියණියගේ නිවසෙන් රත්තරන් අශ්වයෙකු සිටියේ යැයි කියන කතාව බොරුවක් බවද එම නිවසට සොරුපැන අරන් ගොස් තිබුණේ කන බොන දේවල් ටිකක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.